කොත්මලේ ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කර ඇති “ තවත් ටිකක් පරිස්සමින්” නමැති මාර්ග ආරක්‍ෂණ ව්‍යාපෘතිය සදහා පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදීමට ජාතික ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ දිනෙන් දින ඉහළ යන රිය අනතුරු වැළැක්වීමේ අරමුණින් යුතුවයි.

ව්‍යාපෘතිය සදහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ප්‍රවාහන අමාත්‍යංශයේදි සිදු කෙරුණා.

මේ, එහිදි අදහස් දැක්වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා.