දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නවීකරණය වූ කහවත්ත ශාඛාව අද විවෘත කෙරුණා.

ඒ, කහවත්ත කෙලින්වීදියේ, අංක 188 යන ස්ථානයේදීයි.

එම අවස්ථාවට RDB බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු, සමාන්‍යාධිකාරි සහ ප්‍රධාන විධායක නිලධාරි අසංග තෙන්නකෝන් මහතා ඇතුලු බැංකු කාර්ය මණ්ඩලය මෙන්ම ගණුදෙනුකරුවන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.