ශ්‍රී ලාංකය ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව, සර්වෝදය ෆියුෂන් සමග එක්ව සංවිධාන කළ “හෙට දින නවෝත්පාකදයින් සවිබල ගැන්වීමේ” වැඩසටහනේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවට ඊයේ කොළඹදී පැවැත්වුණා.

එහිදී සිසු සිසුවියන් සිය දෙනෙකුට පරිගණක විද්‍යා ඩිප්ලෝමාව පිරිනැමුණු අතර ඒ අතරින් සිසු සිසුවියන් 10 දෙනෙකු අධ්‍යයන විශිෂ්ඨත්වය වෙනුවෙන් පිරිණැමෙන විශේෂ පදක්කම් හිමි කර ගත්තා.

මෙම ඩිප්ලෝමාව ජාතික වෘත්තීය සුදුසුකම් 04 මට්ටමේ ප්‍රමිතීන්ට අනුව සකස් කර තිබෙනවා.

මහජන බැංකුවේ ආයතනික සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙම වැඩසටහන ආරම්භ කෙරුණා.