ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන්, රස ලොව රජ කිරුළ මංචි “රස ලොව රජ කිරුළ පළඳවන පිය කිරුළ නමින්” අපේ ජීවිත ලස්සන කරන්න, අපිට නිතර හෙවනැල්ලක් වී අපිට ශක්තිය දෙන අපේම පියවරුන් අගය කරන්න මෙවරත් හරිම අපූරු වැඩක් කළා.
ඒ අනුව ඉරිදා ලංකාදීප, මව්බිම,අරුණ සහ මොනරා පුවත්පත් වල පල කරන ලද මන්චි ලාංඡනයෙහි ඇති කිරුළෙහි හැඩයට සකසන ලද කිරුළක්, එය කපා පැළඳවිය හැකි ආකාරයට නිකුත් කර තිබුණි. ඊට අමතරව මන්චි tik tok පිටුවෙහි මෙම පිය කිරුළ හැඩයට සකසන ලද filter එකක්ද පල කර තිබුණි.
මෙම පිය කිරුළ තම පියවරුන්ට පළඳා ඔවුන්ව අගය කිරීමට විවිධ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනෙක් මේ වටා එකතු වි සිටි අයුරු දැකගත හැකි විය. මීට අමතරව මෙම අදහස සමාජය තුළට ගෙන යන ආකාරයේ සංවේදී කතාවක් අඩංගු වීඩියෝපටයක්ද සමාජ මාධ්‍ය තුළට මුදාහැර තිබුණි. තවමත් මෙම පිය කිරුළ ඔබේ පියවරුන්ට පැළඳුවේ නැති නම් අදම මන්චි ටික් ටොක් පිටුව හා සම්බන්ධ වී ඔබේ පියා ගැනත් ආදරණීය අගය කිරීමක් එක් කරන මෙන් මන්චි ආයතනය ඔබට ආදරයෙන් ආරාධනා කරයි.