මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි කෝටිපති ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙකු බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමත් වි තිබෙනවා.

ඒ අනුව පසුගිය 19 වනදා දිනුම් අදින ලද කප්රුක ලොතරැයියේ සුපිරි ජයමල්ල වන හැට දෙකෝටි අනූ අට ලක්‍ෂ 55,919 යි ශත 60 ක ජයමල්ලට අදාළ ටිකට් පත අළෙවි කළේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගිරුදුරුකෝට්ටේ අලෙවි නියෝජිත ඩබ්ලිව් රත්නසිරි සොයිසා මහතායි.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති හේමන්ත ස්වර්ණතිලක මහතා.

ඉදිරියටත් කප්රුක ලොතරැයිය මගින් වැඩි වැඩියෙන් ජයග්‍රහණ බිහි කරන බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය පැවසුවේ.

ඒ අනුව අප්‍රේල් මාසයේ ඔබේ වාසනාව වෙනුවෙන් රුපියල් සියයකට මිල කරන ලද කප්රුක බක් මහවාසී නමින් විශේෂ ටිකට් පතක් වෙළදපොලට නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

කප්රුක බක්මහ වාසි දැනුම් ඇදීම හරහා එදිනට නියමිත සුපිරි ජයමල්ල, රුපියල් කෝටියේ ත්‍යාග, රුපියල් ලක්‍ෂ 20 ත්‍යාග, රුපියල් ලක්‍ෂ 2ක මුදල් ත්‍යාග සමගින් සුපිරි මෝටර් රථයක්, යතුරු පැදි සහ රුපියල් ලක්‍ෂයේ මුදල් ත්‍යාග රැසක් ඔබට දිනා ගැනීමට හැකි බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.