ලොව විශිෂ්ටතම බැංකු සන්නාම 500 අතරට එක් වූ එකම ශ්‍රී ලාංකීය බැංකුව බවට පත්වීමට ලංකා බැංකුව සමත් වී තිබෙනවා.

ජාත්‍යන්තර සන්නාම වර්ගීකරණයන් සිදුකරන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනය මගින් ඒ පිළිබද සිය නිවේදනය නිකුත් කර ඇති බවයි ලංකා බැංකුවේ ප්‍රධාන අළෙවි නිලධාරී සමීර ලියනගේ මහතා පැවසුවේ.