Published
විද්්‍යුත් වාහනයක් මිලදී ගැනීමට අදහස් කරන ශ්‍රී ලාංකිකයින් සදහා වේගවත් ආරෝපණයක් සහිත BAW E7 PRO රථය බ්‍රවුන්ස් EV මගින් මෙරටට හදුන්වා දී තිබෙනවා.
දේශිය වෙළදපොලේ දැනට පවතින තරඟකාරී මිල ගණන් සහිත විද්්‍යුත් වාහනයක් ලෙස පිළිගැනෙන මෙම මෝටර් රථය රුපියල් මිලියන 5 යි දශම 8 ක මිලකට ලබාගත හැකියි.
මෙම මෝටර් රථ මාදිලිය විශේෂයෙන් නාගරික රියදුරන්ට ප්‍රායෝගික හා ගැටළුවලින් මිදිය හැකි ප්‍රවාහන මෙවලමක් වන බවයි බ්‍රවුන්ස් ආයතනය පෙන්වා දෙන්නේ.




