සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ජයග්‍රාහකයින් රැසකට චෙක් පත් ප්‍රදානය කිරීම සිදු කෙරෙනවා. ඒ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් හා ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදීයි. එහිදී සුපර් බෝල්, ලග්න වාසනා සුපිරි ජය මලු දිනාගත් ජයග්‍රාහකයින් සිව් දෙනෙකුට, ලග්න වාසනාවේ රුපියල් තිස් දෙලක්ෂ හතළිස් හයදහස් තුන්සිය හතළිස් නවයක මුදලක් දිනූ ජයග්‍රාහකයාට සහ සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ විසි පන් ලක්ෂය බැගින් දිනූ ජයග්‍රාහකයින් පස් දෙනාට චෙක්පත් ප්‍රදානය සිදු කෙරුණා. එමෙන්ම කප්රුක, ශනිදා, අද කෝටිපති, සුපර් බෝල් සහ ජයෝදා ලොතරැයිපත් මගින් රුපියල් විසි ලක්ෂයේ ජයග්‍රාහකයින්ට චෙක්පත් ප්‍රදානය කිරීමද එහිදී සිදු කළ බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය පැවසුවේ. ඊට අමතරව ලග්න වාසනා ලොතරැයිපත් මගින් දස ලක්ෂයේ ජයග්‍රහණ හිමි කරගත් ජයග්‍රාහකයින් 20 දෙනෙකුටද එහිදී චෙක්පත් ප්‍රදානය කර තිබෙනවා. ඒ අනුව සංවර්ධන ලොතරැයිපත් මගින් ජයග්‍රහණ හිමි කරගත් ජයග්‍රාහකයින් 52ක් අතරේ රුපියල් විසි දෙකෝටි හතළිස් තුන් ලක්ෂ අසූ හයදාස් හයසිය 89ක මුදලක් බෙදා දුන් බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
Published