Published
ජාතික ලොතරැයි මණ්ඩලයේ අළෙවි නියෝජිතයන්ට රක්‍ෂණ ඔප්පු ලබාදීම සදහා කොන්ටිනෙන්ටල් රක්‍ෂණ ආයතනය සමග ගිවිසුම්ගතවීම සහ සංකේතවත් ලෙස ලොතරැයි නියෝජිතයන්ට රක්‍ෂණ ඔප්පු ලබාදීම පසුගියදා සිදු කෙරුණා.
ඒ, කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදීයි. සිය ලොතරැයි අලෙවි කටයුතු සිදුකරන අලෙවි නියෝජිතයන් දිස්ත්‍රික් මට්ටමින් හමු වී සාකච්ඡා පැවැත්වීමෙන් ලද යෝජනා සැලකිල්ලට ගනිමින් එම පියවර ගත් බවයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඒ එම් අරීෆ් මහතා පැවසුවේ.
ජාතික ලොතරැයි මණ්ඩලය මගින් අරමුදල් සපයන ක්‍රීඩා අරමුදල වෙනුවෙන් තවදුරටත් පුළුල් දායකත්වයක් ලබාදීමද අරමුණු කර ගනිමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



