මාර්තු මස 3 වනදාට යෙදී තිබූ ලෝක ශ්‍රවණ දිනට සමගාමීව ‘විෂන් කෙයාර් හියරින් සොලියුෂන් ’ ආයතනය මගින් සංවිධාන කළ විශේෂ වැඩසටහනක් කොළඹ, ලක්‍ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්වුණා.

එහිදී ළමුන් 22දෙනෙකු වෙනුවෙන් ශ්‍රවණ ආධාරක 40ක් පරිත්‍යාග කිරිම සිදුවුණා.

මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස දිවයින පුරා සිසුන් 1,500 කට වැඩි පිරිසකට ශ්‍රවණ පරීක්‍ෂණ සිදුකිරීමටද කටයුතු යොදා ඇති අතර වසර පුරා මෙම වැඩසටහනට ක්‍රියාත්මක කිරිමට නියමිතයි.