මෙම වසරේ තුන්වන කාර්තුවේදී සියයට 32ක වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමත් වී තිබෙනවා.

ඒ, රුපියල් බිලියන 23යි දශම 6ක දළ වාරික ආදායමක් වාර්ත කර ගනිමින්.

ශක්තිමත් ව්‍යාපාරික ගම්‍යතාවක් පෙන්නුම් කරමින් මෙම වසරේ සැප්තැම්බර් 30 වන දිනට රුපියල් බිලියන 5යි දශම 4ක නව ව්‍යාපාරික ආදායමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමත් වී ඇති අතර එය සියයට 61ක සුවිශේෂී වර්ධනයක් වනවා.