ශ්‍රී ලංකාවේ විශාලතම සන්නාම සන්නිවේදන සමාගම වන මලන්ලෝ සමූහය, 2025 වසරේ ..එෆීස් .. ඒජන්සිය ලෙස අඛණ්ඩව තෙවන වරටත් සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඒ, තලවතගොඩ මොනාක් ඉම්පීරියල් හිදී පසුගියදා පැවති ..එෆීස් .. සම්මාන රාත්‍රියේදීයි.

එහිදී සෙල්සියස් සන්නාමය සඳහා රන් සම්මානයක් ද, වටවල තේ, ඇට්ලස් ඇක්සීලියා සහ ඒෂියන් පේන්ට්ස් සඳහා රිදී සම්මාන තුනක් ද, ෆොන්ටෙරා හි ඇන්ලීන්, යුනිලීවර් සහ මැලිබන් සඳහා ලෝකඩ සම්මාන තුනක් ඇතුළුව බහුවිධ කාණ්ඩ හරහා සම්මාන 21ක් හිමි කර ගැනීමට මලන්ලෝ සමූහය සමත් වුණා.

ඒ අනුව 2025 වසරේ ඒජන්සි ශුරතා 10න් ශුරතා සම්මාන 8ක්ම දිනා ගනු ලැබුවේ මලන්ලෝ සමූහයයි.

මේ අතර, කැම්පේන් ඒෂියා විසින් වසරේ ඒජන්සිය වශයෙන් මලන්ලෝ සමූහය නම් කර තිබීම ද විශේෂත්වයක්.