සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වා දීම හේමාස් හෙල්ත් ප්ලස් බාහිර රෝගී සත්කාරක මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා.

ඒ, වත්තල ප්‍රදේශයේයි. හේමාස් රෝහල් කෙරෙහි ඇති විශ්වාසය මත දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික අවශ්‍යතාවන් වඩාත් හොඳින් කළමනාකරණය කර ඔවුන්ට වඩා ගුණාත්මක සේවාවක් ලබා දීම මෙහි අරමුණයි.

හේමාස් හෙල්ත් ප්ලස් අති නවීන වෛද්‍ය සේවාවන් සමඟින්, සුව පහසුව මෙන්ම පෞද්ගලිකත්වය සුරකින්නට නිර්මාණය කර තිබෙනවා.