ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව අද දිනයේ කථානායකවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ අද දහවල් 12.00ට එම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදෙන බවයි.

මෙම විශ්වාසභංග යෝජනාව ජය ගැනීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා දැක්වූයේ මෙවන් අදහසක්.