Published
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්ව සිටින දරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී වඩාත් සංවේදී විය යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.
පීඩාවට පත්ව සිටින දරුවන් වෙනුවෙන් කිසියම් අයෙකු යහපත් චේතනාවෙන් සිදු කරන ක්‍රියාවකදී පවා ඇතැම්විට එම දරුවන් මානසික වශයෙන් බලපෑමකට ලක්විය හැකි බවයි ඇය පෙන්වා දුන්නේ.
ආපදා හේතුවෙන් මව සහ පියා අහිමි වූ දරුවන් 73 දෙනෙකු හඳුනාගෙන ඇති බවද කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පෙන්වා දුන්නා.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.




