මෙවර අයවැයෙන් පාසල් අධ්‍යාපනයට විශේෂ සැලකිල්ලක් දක්වා නොමැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ 2025 අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදල් පවා වැය කර ඇතිද යන ප්‍රශ්නය මේ වනවිට මතුව ඇති බවයි.

සියලු ගුරු සංගම් එක්ව දෙසැම්බර් මස 12 වනදා පාසල් වර්ජනයක් සිදු කිරීමට නියමිත බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළා.