සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබෙනවා.

ලංකා අයි ඕ සී සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමූ අතර, ඊට සමගාමීව සිය සමාගමද මිල සංශෝධනය කළ බවයි සයිනොපෙක් සමාගම පවසන්නේ.

ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495ක් වනවා.