Published
රිය අනතුරකට ලක්ව තුවාල ලැබූ කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටියදී වස්කඩුව, වාඩියමංකඩ ප්රදේශයේදී වෑන් රථයක ගැටී ඔහු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
අදාල වෑන් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර එහි රියදුරා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




