Published
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.
රුපියල් හැට ලක්ෂ හැට දහසක් වටිනා දුම්වැටි තොගයක් එලෙස දිවයිනට රැගෙනවිත් ඇත්තේ චීන ජාතිකයින් තිදෙනෙක්.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ එම දුම්වැටි සගවා තිබූ බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
ඒ අනුව චීනයේ නිෂ්පාදිත දුම්වැටි 40,400 ක් එහිදි සොයාගෙන තිබෙනවා.
අදාළ චීන ජාතිකයන් තිදෙනා ව්‍යාපාරිකයින් බවටද හදුනාගෙන තිබෙනවා.




