සිය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට විෂයභාර අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ඉදිරි සති දෙක ඇතුළත ලබා දෙන බවට කෘෂිකර්ම අමාත්‍යංශය දැනුම් දුන් බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කෙසේවෙතත් තමන් ආරම්භ කළ වර්ජනය හෙට උදෑසන 06 දක්වා ක්‍රියාත්මක බවයි එම සංගමයේ ලේකම් සිරිමෙවන් ගුණවර්ධන මහතා පැවසුවේ.

සිය වර්ජනය හේතුවෙන් සත්ත්ව නිරෝධායන අංශය, වනජීවී පශු වෛද්‍ය ඒකක සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.