ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ සංචාරක ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු ලබාගැනීම වෙනුවෙන් දෙපිළටම මෙම තරගාවලිය අතිශය තීරණාත්මක වනවා.
තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර, ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ශුබ්මන් ගිල් විසිනුයි.
ආබාධ තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර, ඉන්දීය පිලේ ප්‍රබල වේගපන්දු යවන්නා වන ජස්ප්‍රිට් බුම්රා ද ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.
මෙම තරගය දෙපිළටම සුවිශේෂී ඓතිහාසික කඩඉම් කිහිපයක් සනිටුහන් කරනු ලබනවා.
ඒ අනුව මෙය ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් මුහුණ දෙන 600 වන ටෙස්ට් තරගය වන අතර, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 50 වන ටෙස්ට් තරගය ද වනවා.



