නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත්කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ මතයි.

එම පත්කිරීමත් සමග ඔහු ලු‍තිනන් ජෙනරාල් ධූරයට උසස් කෙරෙනු ඇති.

මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාජිකයෙක් වනවා.

පාඨමාලා අංක 34 යටතේ යුද හමුදාවට බැඳී ඇති ඔහු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන්ද කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලු‍තිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ධුර කාලය අවසන් වීමත් සමග මෙම නව පත් කිරීම සිදුකර තිබෙනවා.