ඔඩිෂා හි චන්දිපූර් හි පිහිටි ඒකාබද්ධ පරීක්ෂණ පරාසයේ සිට ඉන්දියාව විසින් අග්නි-4 (Agni-4) මධ්‍යම පරාසයේ බැලැස්ටික් මිසයිලය සාර්ථකව පරීක්ෂා කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම මිසයිලයේ සියලුම මෙහෙයුම් සහ තාක්ෂණික පරාමිතීන් සාර්ථකව තහවුරු කිරීමට මෙම පරීක්ෂණාත්මක ප්‍රහාරය සමත් වී ඇත.

මෙම පරීක්ෂණය සිදු කරන ලද්දේ රටේ උපායමාර්ගික න්‍යෂ්ටික බලකායන් සම්බන්ධයෙන් වගකීම උසුලන උපායමාර්ගික බලකා අධීක්ෂණය යටතේ ය.

මෙම සාර්ථක අත්හදා බැලීම ඉන්දියාවේ උපායමාර්ගික අභියෝග නිවාරණ හැකියාවන් (strategic deterrence capabilities) සහ මෙහෙයුම් සූදානම නිත්‍ය ලෙස තහවුරු කිරීමේ ක්‍රියාවලියක කොටසක් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.