ඩිජිටල් ගණුදෙනු සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් හා ඒවා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ QR කේත ක්‍රමය භාවිත කිරීම යනු කිසියම් දෙයක් සීමා කිරීමක් නොවන බවයි. ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

QR ගෙවීම් ක්‍රමය සංස්කෘතික ක්‍රියාකාරකම්වලට බද්ධ කිරීම හරහා ජනතාවට වඩාත් සමීප කිරීමේ හැකියාව පවතින බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ.