Published
රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අද යළි බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එහිදී අධිකරණය නියෝග කළේ ඔහු ලබන 25 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මීට පෙර අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.




