මෙවර අයවැයෙන් ගෙන්වීමට යෝජනා කර ඇත්තේ රජයේ ආයතන සදහා අවශ්‍ය වාහනවලින් කොටසක් පමණක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහන එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

රජයට අවශ්‍ය බවට ප්‍රමුඛතා ගත කර ඇති වාහන අතරට අයත් වන්නේ කැබ් රථ පමණක් නොවන බවද මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි සදහන් කළා.