මුහුදුබඩ මාර්ගයේ පානදුර සිට කොළඹ කොටුව දක්වා කොටස අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් එම කොටසේ දුම්රිය ධාවනය කිරීමේදී අවදානමක් පවතින බැවින් දුම්රිය සෙමෙන් ධාවනය කිරීමට සිදුව ඇති බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් චන්දන වියන්දූව මහතා පැවසුවේ වසර ගණනාවක සිට පවතින මෙම ගැටලුව හේතුවෙන් පානදුර සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය කිරීම පැයට කිලෝ මීටර් 20ත් 30ත් අතර වේගයක පවත්වා ගැනීමට සිදුව ඇති බවයි.
මුහුදුබඩ මාර්ගයේ පානදුර සහ එගොඩ උයන දුම්රිය ස්ථාන අතර කොටසේ පීල්ලක් කැඩී ගොස් සිදුවීමට ගිය අනතුරක් ඊයේ දිනයේදී ප්‍රදේශවාසියෙකු ගත් ක්ෂණික ක්‍රියාමාර්ගයක් හේතුවෙන් වැළකී ගියා.
දුම්රිය මන්තීරුවක පීල්ලක් කැඩී ගොස් තිබෙනු දුටු එම පුද්ගලයා රෙදි වැලක වනා තිබූ රතු පැහැති ගවුමකින් අනතුරු ඇගවීමේ සංඥාවක් පෙන්වා ඒ වන විට අදාළ ස්ථානයට ළඟා වෙමින් තිබූ සාගරිකා දුම්රිය නතර කිරීමට සමත් වී තිබුණා.
මෙම සිද්ධියෙන් අනතුරුව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් ඊයේ එම ස්ථානය නිරීක්ෂණයට ද ලක් කළා.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය අවදානම් තත්ත්වයක පවතින්නේදැයි නෙත් දුම්රිය සමානා්යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගෙන් විමසීමක් කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් මේ වන විට අවදානමක් නොමැති බවයි.