ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ලෙස වැඩ භාර ගැනීම සදහා ඉරාන් වික්‍රමරත්න මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණියා.

එහිදී සිදුකළ ආගමික වතාවත්වලින් අනතුරුව ඉරාන් වික්‍රමරත්න මහතා ධුරයේ වැඩ භාරගත් බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් වාර්තාකරු වසන්ත නිරෝෂන් පැවසුවේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ විශේෂ සාකච්ඡාවක් එහි සභාපති ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු බවයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර ඉරාන් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනිය කමිටුවේ සභාපති ධුරය භාර ගනු ලැබුවේ පක්‍ෂය දැනුවත් කිරීමකින් තොරව බවයි සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ.