බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.

මේ අතර පවතින වැසි තත්ත්වය හමුවේ ඇතැම් ප්‍රධාන ගංඟාවන්හි ජල මට්ටම් කිසියම් ඉහළ අගයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අත්තනගලුඔය සම්බන්ධයෙන් එහි පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල් ඒ සූරියබණ්ඩාර මහතා පැවසුවේ.

කළු ගඟ සහ කැළණි ගඟේද ජල මට්ටම ඉහළ ගියද ගංවතුර මට්ටමක නොමැති බවද ඔහු කියාසිටියා.