බස් ගාස්තු ගෙවීම සඳහා බැංකු කාඩ්පත් යොදා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පෙර ඊට අදාළ නීති රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ලංකා පෞද්ගලික බස් සංගම් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිය සංගමය අදාළ වගකිවයුතු ආයතන වෙතද ලිඛිත දැනුම්දීමක් කළ බවයි.

ඒ සම්බන්ධයෙන් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සැලකිය යුතු තවත් කරුණක් සම්බන්ධයෙන්ද ගැමුණු විජේරත්න මහතා කරුණු දැක්වූවා.

මේ අතර, ඊයේ දිනයේ අය වැය විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.