මෙරට නිෂ්පාදිත ගිනි අවි තුනක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අරලගංවිල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අරලගංවිල, කජුවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 34 සහ 39 වයස්වල පසුවන රුහුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.