තරාතිරම නොබලා සැමට එක සේ ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

නිතිය ක්‍රියාත්මක කරන සෑම ආයතනයකටම ස්වාධීනව කටයුතු කිරීමට ඇති වටපිටාව සකස් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.