පොලිස් භාරයේ සිටියදි තරුණයෙක් මිය යාමේ සිද්ධියට අදාළව හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගේද වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියමයෙන් එම නිලධාරියාගේ වැඩ තහනම් කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමේ චෝදනාව යටතේ සිදුකරන විමර්ශනවලට අදාළව එලෙස එම නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.

අදාළ තරුණයා මියයාමේ සිද්ධියට හෝමාගම මූස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තුන්දෙනෙකුගේ වැඩ මීට පෙර තහනම් කෙරුණා.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ දිනයේ හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.