Published
විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර මගී ප්‍රවාහන බස් රථවල සේවයේ යෙදි සිටි රියැදුරන් 08 දෙනෙකු හා කොන්දොස්තරවරයෙකු කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරින් සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරින් ඒකාබද්ධව සිදු කල පරීක්ෂා කිරීමේ මෙහෙයුමකදීයි.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.
එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 35 ත් 57 අතර වයස්වල පසුවන පයාගල, යටියන, දොඩම්ගොඩ, තෙබුවන, මීගහතැන්න සහ කළුතර දකුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී තිබෙන්නේ.
කළුතර දකුණ පොලිසිය සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.




