"අචින්ති තම්භි භවතී - චින්ති තම්පි විනස්සත"
"මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නෑ... වෙන දේ හිතාගන්න බෑ.."
මේ දවස්වල වැඩිපුරම ජනප්‍රසාදය දිනූ වචන පේලිය මෙයයි.

මේ වාක්‍යය අපේ ජන හදවත් තුල තැන්පත් කලේ, පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින්.
මෙරට ජන හිත් බෞද්ධ ප්‍රබෝධයෙන් ඒකාලෝක කල උන් වහන්සේගේ මෙතෙක් නොඇසූ සුවිශේෂී ධර්ම දේශනයකට සවන් දීමට ඔබට ලැබෙන අවස්ථාවක් මේ...

ලබන 23වනදා, ඉරිදා, සවස 04ට ඔබත් එන්න ගම්පහ දිස්ත්‍රික්කයේ මරදගහමුල, හුණුමුල්ල, දකුණු කෙහෙල්ඇල්ල බතලහේන ක්‍රීඩා පිටියට.

ඔබට එන්න පහසුම ක්‍රම,
01. ගම්පහ, දිවුලපිටියට ඇවිත් මරදගහමුල හරහා හුණුමුල්ල ප්‍රදේශයට පැමිණ දකුණු කෙහෙල්ඇල්ල බතලහේන ක්‍රීඩා පිටියට ඔබට එන්න පුලුවන්.
02. මීගමුව පැත්තෙන් ආවත්, කොළඹ ඉදන් ආවත් මිනුවන්ගොඩ හරහා මරදගහමුලින් හුණුමුල්ල ප්‍රදේශයට පැමිණ දකුණු කෙහෙල්ඇල්ල බතලහේන ක්‍රීඩා පිටියට එන්න පුලුවන්.

මේ අවස්ථාව ඔබට ජීවිතයේ ලැබෙන සුවිශේෂීම අවස්ථාවක්.
ඒ නිසා මේ අවස්ථාව මග හැරගන්න එපා.
පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ දිවුලපිටිය පුරවරයට වැඩම කරවන පළමු අවස්ථාව මේක.

මේ දුර්ලභ අවස්ථාව ඔබට උදා කර දෙන්නේ, දකුණු කෙහෙල්ඇල්ල බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජයේ තරුණ කැළ විසින්.

පාර හොයාගන්න අවශ්‍ය නම්,
මේ පිංකම ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම්,
ඒ විතරක් නෙමේ,
මේ පිංකමට ඔබට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම්,
කතා කරන්න,
ප්‍රසාද් - 077 10 19 160
පැතුම් - 071 77 77 560

පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනය,
ලබන 23වනදා, ඉරිදා, සවස 04ට ගම්පහ දිස්ත්‍රික්කයේ මරදගහමුල, හුණුමුල්ල, දකුණු කෙහෙල්ඇල්ල බතලහේන ක්‍රීඩා පිටියේදීයි.