කවදත් අලුත් - කාගෙත් නෙත් සති අන්තයේ රේඩියෝ ශ්‍රාවකයන්ට නැවුම් අත්දැකීමක් එක් කරමින් විකාශය වන “නෙත් එෆ් එම් හෙලෝ - හෙලෝ සති අන්තය” වැඩසටහන සඳහා විශාල ශ්‍රාවක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

සෙනසුරාදා සහ ඉරිදා දිනවල උදෑසන 09.00 සිට සවස 06.00 දක්වා සජීවීව විකාශය කරන මෙම වැඩසටහනේදී ඔබ කැමතිම ගීත ඉල්ලීම් සහ ඉදිරියේදී වටිනා ත්‍යාග දිනාගැනීමටත් හැකියාව ලැබෙනවා.
එමෙන්ම තමන්ගේ ගී නිර්මාණ, හඬ පෞරෂවයන් සමගින් ආකර්ශනීය වැඩසටහන්වලට සහභාගීවීමේ හැකියාවත් ශ්‍රී ලාංකීය ගුවන්විදුලි ශ්‍රාවකයන්ට අවස්ථාව සලසාදීමද විශේෂත්වයක්.

සතිඅන්තයේ සැහැල්ලු බව, නැදෑ හිත මිතුරන්ගේ යාලුකම් අලුත්වීම්, ගමන්බිමන් මෙන්ම නව තාරුණයේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිරි සති අන්තවලදී “නෙත් එෆ් එම් හෙලෝ - හෙලෝ සති අන්තය” ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරනු ලැබෙනවා.