දෙහිවල නැදිමාල රුපසිංහ පාරේ සුපිරි තෙමහල් නිවසක උඩුමහලේ සරුවට වගාකර තිබූ රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ගංජා හයිබ්‍රීඩ් කුෂ් පැල තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙන්නේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනිබටයෙක් බවයි දෙහිවල පොලිසිය සඳහන් කර සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර එම සැකකරු සමග අඩි 2 -1/2 – 3 ආදී විවිධ ප්‍රමාණවලින් ගංජා හයිබ්‍රිඩ් කුෂ් පැළ 36 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අන්තර්ජාලය හරහා ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද ගංජා හයිබ්‍රිඩ් කුෂ් ඇට මගින් මෙම පැළ රෝපණය කරන බවට අනාවරණය වී ඇත්තේ.
එමගින් නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය මිතුරන් අතරේ අලෙවි කරන බව පැවසුවත් එම සැකකරු රාත්‍රී සමාජ ශාලාවල සඳහා යොමු වන්නන් සඳහා අධික මුදලකට අලෙවි ඇති බවයි දෙහිවල පොලිසිය සඳහන් කර සිටියේ.
මෙම පැළ වේලීමෙන් අනතුරුව ගෑම් එකක් රුපියල් 8500/= මුදලකට අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.