අල්ලස් ගත් පුද්ගලික අංශයේ ආරක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර් රිය සහායක තනතුරේ රැකියා ලබාදීමේ පොරොන්දුවක් මත අවස්ථා 02 කදී පැමිණිලිකරුගෙන් සහ පැමිණිලිකරුගේ මිතුරකුගෙන් රු.40,000/- ක මුදලක් ද, බැංකු ගිණුමක් මඟින් රු.10,000/- ක මුදලක් ද අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.

එම අල්ලස් මුදල ලබා ගත් ආරක්ෂක නිලධාරියාව කැළණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.