ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ අවසන් තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග මෙම තරගයේදී මව් බිමට පදක්කමක් දිනා දෙනු ඇතැයි බොහෝ දෙනා සිට්න්නේ දැඩි අපේක්ෂාවෙන්.
මෙම ඉසව්වේ මූලික වටයේ ඊයේ පැවති තරගයේදී වත්මන් ලෝක ශූරයා වන ග්රෙන්ඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ඔලිම්පික් රන් සහ රිදී පදක්කම්ලාභීන් වන පාකිස්ථානයේ අර්ෂාඩ් නදීම් සහ ඉන්දියාවේ නීරාජ් චොප්රා පරාජයට පත් කරමින් තම පළමු උත්සාහයෙන්ම මීටර් 82යි දශම 84 ක දුරක් සටහන් කිරීමට රුමේෂ් සමත් වීම විශේෂත්වයක්.
ඊයේ පැවති මූලික වටයේ තරගයේදී තද සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් ක්‍රීඩකයන් රැසක් දැඩි අභියෝගයකට මුහුණ දුන්නා.
කෙසේවෙතත් රුමේෂ් තරංග සිය ප්‍රථම උත්සාහයෙන්ම අවසාන තරගයේ ස්ථානය තහවුරු කරගත් අතර ග්රෙන්ඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් මීටර් 81යි දශම 29ක දක්ෂතාවක් දක්වමින් දෙවන ස්ථානය හිමිකරගත්තා.
ඔලිම්පික් ශූර අර්ෂාඩ් නදීම් සහ රිදී පදක්කම්ලාභී නීරාජ් චොප්රාට මීටර් 80 සීමාව පසුකිරීමට පවා නොහැකි වුණා.
එහෙත් ඔවුන් දෙදෙනාද අවසාන ක්‍රීඩකයින් 12 දෙනා අතරට තේරී පත්වීමට සමත් වුණා
පසුගිය මාසයේ රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92යි දශම 6 යි 2 ක විශිෂ්ට දක්ෂතාවක් සටහන් කළ රුමේෂ් පැරිස් ඔලිම්පික් උළෙලෙන් පසුව ලොව ඉහළම දුරක් හෙල්ල විසිකළ ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.
අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත පිරිමි හෙල්ල විසිකිරීමේ මහා අවසාන තරගයේදී රුමේෂ් තරංග පතිරගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඓතිහාසික රන් පදක්කමක් දිනාගනු ඇතැයි මුළු මහත් ජාතියම මහත් බලාපොරොත්තු ඇතිව මගබලා සිටිනවා.




