රක්ෂිත බන්ධනාගාර ගත කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ සිව් නම සහ සෙසු පුද්ගලයන් 5 දෙනා ත්‍රිකුණාමලය බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනවා.

එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු භික්‍ෂූන් වහන්සේ පිරිසට විශේෂ පහසුකම් ලබා දි නොමැති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ත්‍රිකුණාමලය සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයේ ඉදිකිරීමක් සම්බන්ධ සිද්ධියකට අදාලව එම පිරිස ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඊයේ දිනයේදීයි.