Published
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය මුල් කරගනිමින් මෙරටට ලැබුණු වන්දි මුදල අදාළ නෞකාව හිමි සමාගමට අනිවාර්යෙන්ම ගෙවීමට සිදු වන බව නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එහි පළමු වාරිකය ලබන සැප්තැම්බර් මාසයේදී මෙරටට ගෙවිය යුතු බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ජාත්‍යන්තර වශයෙන් අභියෝගයට ලක් කිරීමට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමට නොහැකිදැයි මෙහිදී විමසා සිටියා.
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙසට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් දා නියම කළා.