නැහෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මධ්‍යම කඳුකරයේ නැහෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 40ක පමණ තරමක තද සුළ ඇති විය හැකි බව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන්.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගංඟාවල ජල මට්ටම් සම්බන්ධයෙන් ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එල්. සූරියබණ්ඩාර මහතා අදහස් පළ කළා.
ප්‍රදේශ කිහිපයකට දැනට පවතින අධික වැසි තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශ 73න් 36ක් වාන් දමමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එල්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවා.




