සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට මැදිහත් වන්නැයි ජනාධිපතිවරයා වෙත අද දිනයේ සංදේශයක් භාරදීමට කටයුතු කරන බව වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.ඒ.ආර්. නිහාල් මහතා පැවසුවේ සිය නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් එම සංදේශය භාරදීමට නියමිත බවයි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මන්‍ය වී ඇති බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.ඒ.ආර්. නිහාල් මහතා වැඩිදුරටත් සඳහන් කළා.