“ආසියානු භූදේශපාලන, තිරසරභාවය සහ සාමය සඳහා වූ කවුන්සිලය” නැමැති නව සංවිධානයේ සමාරම්භක උත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, කොළඹ පදනම් ආයතනයේදීයි. දේශපාලන පක්ෂ නායකයින්, ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු පිරිසක් එම අවස්ථාවකට එක්වීමට නියමිතයි. මෙම සංවිධානයේ නිල ආරම්භයත් සමග කලාපීය දේශපාලනික ගැටලු පිළිබඳව උපාය මාර්ගික ප්‍රවේශයන්හි අවබෝධය පුළුල් කිරීම, කලාපීය සාමය පිළිබඳ වූ කථිකාව, ආසියානු තිරසර සංවර්ධන උපාය මාර්ග ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපවූ කථිකාමය වේදිකාවක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ආසියානු භූදේශපාලන, තිරසරභාවය සහ සාමය සඳහා වූ කවුන්සිලයේ මහ ලේකම් සුගීස්වර පී සේනාධීර මහතා.