‘දිත්වා’ සුළිකුණාටුව හේතුවෙන් දිවයිනපුරා සිදුවූ ආපදාවලින් මියගිය බවට තහවුරු කර ගෙන ඇති පුද්ගලයින් ගණන 479 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 350 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

බලපෑමට ලක්ව සිටින පුද්ගලයින් ගණන දහසය ලක්‍ෂ දාහතර දහස් හත්සිය අනූවක් වන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඊයේ පස්වරුවේ නිකුත් කළ තත්ත්ව වාර්තාවේ දැක්වෙනවා.

පුද්ගලයන් එක් ලක්‍ෂ අසූ අට දහස් නවසිය හැත්තෑ හතර දෙනෙකු තවදුරටත් ආරක්‍ෂිත මධ්‍යස්ථානවල රදවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.