රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අත් වූ ඉරණම තවත් පාර්ශවයකට සිදු වන්නේ නම් ඉදිරියේදීද මේ අයුරින්ම විපක්ෂය එක්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ දේශපාලන පළිගැනීම්වලට රටේ ඉඩක් නොතිබිය යුතු බවයි.

හොරකම, දූෂණය, වංචාවට එරෙහිව තවදුරටත් අනිවාරෙන්ම කටයුතු කළ යුතු බවයි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය පැවසුවේ හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසු සියලු පාර්ශව ආමන්ත්‍රණය කිරීමට නියමිත බවයි.