Published
බස් නැවතුම්පොළක් මුල් කරගනිමින් ගම්පහ පෞද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වර්ජනයක නිරත වනවා. ගම්පහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සී වී ගුණවර්ධන මහතා පැවසුවේ ගම්පහ මාර්ග 06ක බස් රථ සේවකයින් එම වර්ජනයට එක්ව සිටින බවයි. සිය නියෝජිතයින් පිරිසක් මේ වන විට බලධාරීන් සමග සාකච්ඡාවකට එක්ව සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.