Published
රට ගොඩනැඟීම සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බව සමගි ජන බලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ දවසින් දවස සිදු කරන වැඩකටයුතු කඩාවැටීමකට ලක්ව ඇති බවයි.
ලංකාව තුළ ආයෝජන සිදු කිරීමට විදෙස් රටවලින් පැමිණෙන ආයෝජකයින්ට විශ්වාසදායක පරිසරයක් නොමැති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. හක්මන ප්රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසුවා.