ලබන වසර සදහා ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් රට ඩිජිටල්කරණය කිරීම සදහා රුපියල් බිලියන 16ක් වෙන්කරද්දී රජයට වාහන ගෙන්වීම සදහා රුපියල් බිලියන 12.5ක් වෙන්කර ඇති බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ 5වන දිනය වූ අද විවාදය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා මේ බව කියාසිටියා.

ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතායි.

දුඹුරු සීනි සහ උක් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සදහා පසුගියදා නුගේගොඩ නගරයේ විවෘත කළ අළෙවි සැල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන විවේචනයන්ටද අමාත්‍යවරයා එහිදී ප්‍රතිචාර දැක්වූවා.

සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාද විවාදයට එක් වුණා.