Published
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්, පානදුරේ නිලංග සහ තැඹිලි ලහිරු සමග ඍජු සබඳතා පැවැත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
පොලීසියේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ එම සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී හෙළි වූ තොරතුරු මත පොලීසිය මේ වන විටත් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බවයි.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු මේ වන විට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ උපදෙස් මත කප්පම් ගැනීම්වලට සම්බන්ධ වූ පුද්ගලයින්, විවිධ අපරාධ සඳහා ගිනි අවි ලබා දුන් පුද්ගලයින් ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදුණු පුද්ගලයින් සම්බන්ධයෙන් එම විමර්ශනවලදී විශේෂ අවධානයක් යොමු කරන බවයි පොලීසිය පැවසුවේ.


